
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
පාදුක්ක පොලිස් ස්ථානය වෙත ලද දුරකථන ඇමතුමට අනුව පාදුක්ක පොලිස් ස්ථානයේ නිළදාරින් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි මෙම නිරුවත් කාන්තා මළ සිරුර හමු වී ඇත
මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව පන්නිපිටිය රුක්මලේ විජේපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන විතානගේ දයාවති නමැති (67 ) හැවිරිදි කාන්තාවකි
මිය ගොස් ඇති කාන්තාව පාදුක්ක තුන්නාන 69 කන්ද, හංවැල්ල ලිපිනයේ පදිංචි අැයගේ මිණිපිරියගේ වැඩිවියට පත්විමේ උත්සවය සදහා කැවිලි පෙවිලි සෑදිම සදහා දින කිහිපයකට පෙර පැමිණ ඇති බවත් ඇය එම නිවසට නොපැමිණීම නිසාවෙන් නිවැසියන් ඒ පිළිබදව කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද අනාවරණය වූ බවද පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd