
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක හල්පෙවත්ත ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදියෙහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
අනතුරට පත් ට්‍රැක්ටර් රථය සහ යතුරුපැදිය දෙකම වේගයෙන් ධාවනය කර ඇති බවත් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ පසුපැදිකරු ට්‍රැක්ටරයෙහි ගැටී බරපතල තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල වග ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 48 සහ 42 වන පුද්ගලයින් දෙදෙනෙකි.
මියගිය දෙදෙනාගේ දේහයන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd