
(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරය හා තදාසන්න ප්රදේශවල මාර්ග තදබදය ඇති වන අයුරින් සහ පදිකයන්ට අවහිර වන අයුරින් පදිකවේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් (8) සිට ක්රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
එලෙසම වාහන නවතා තබා ගෙන තබා ගෙන සිටින පුද්ගලයන්ට එම මොහොතේදීම දැඩි අවවාද කරන, කරුවන් නොමැතිව නවතා ඇති වාහන ළඟම ඇති පොලිසිය වෙත රැගෙන යන බවත් පොලිසිය පවසයි.
මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බව ද පොලිස් සාරවත් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් කොළඹ, මරදාන ආනන්ද විදුහල අසල පාර අවහිර කරන් ඉන්න කෙරුම්කාර මොළේ නැති තාත්තලාගේ වාහන අයින් කරලා පෙන්වන්න. නීතිය හැමෝටම එකයි කියලා... එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන්...
එහෙම නම් පාර අයිනේ කාර් පාක් අරක්ගෙන සිටින ත්රීවීලර් අයින් කරන්න.
මිනිස්සු කොහෙද වාහන නවත්වන්නේ? වාහන නැවැත්වීමේ පහසුකම් වැඩිකළාද? වාහනයක් කියන්නේ නමලා බෑග් එකේ දාගෙන යන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ !
උස්පහත් භේදයක් නැතිව ඇදගෙන ගිහිල්ලා පළවන වරදට රුපියල් 25000ට වැඩි දඩයකට යටත් කළොත් වැඩේ යම්කිසි ප්රගතියක් දකින්න පුළුවන් වෙයි.