(රංජන් කස්තුරි)
දුම්රිය, ලංගම සහ සියලුම පොදු ප්‍රවාහන සේවාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි නීති බලතල යටතේ පොදු ප්‍රවාහන සේවා සියල්ල අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ඉකුත් 27වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
ඒ අනුව මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන්, එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර, නිකුත්කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් ඇහෙන රටේ ආණ්ඩුවක නායකයෙක් ඉන්න බවට ඉඟියක්. අවුරුදු 20කට පෙර ගත යුතු තීරණයක්.
මේවගේ තීරණ ගන්න තිබුනේ සැහෙන කාලෙකට පෙර ඇයි මේ හදිස්සියේ? කෙසේ වෙතත් දැන්වත් එසේ ගත් තීරණය පිලිබදව අප අගය කරන්නෙමු. වෛද්‍ය සේවයටත් මෙයම කිරීමට පුළුවන් නම් කොතරම් සුන්දරද ??
මේවා කඩිනමින් වෙන්නේ ඡන්දයක් ළඟ හින්ද වෙන්ට ඇති. අපේ මිනිස්සු මේ ලනු හොඳට ගිලිනවා.
මේ වගේ තීරණ කලින් ඔබතුමා ගත්තනම් මේ රට විනයවත් රටක්. එසේ වූවානම් රට ආර්ථික වශයෙන් මෙතරම් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ප්‍රවාහන පමණක් නොව වෛද්‍ය ඇතුළු සියලුම මහජන සේවා අත්‍යවශ්‍ය කල යුතුය.
රටට ඔබින තීන්දු තීරණ ගන්නේ මෙයාලා යන්න ඔන්න මෙන්න තියලා. පරක්කු වැඩි දැන්නම්. තව මාසගානකින් ඊළගට බලයට එන කෙනා මොනවා කරාවිද කවුද දන්නේ?
කෝච්චියේ මාල කඩන අයටත් මේ නීතිය බලපානවා නේද?