IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොදු ක්‍රමයකින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් කරනවා

(නිමල කොඩිතුවක්කු)

පොදු ක්‍රමවේදයක් ඔස්සේ සියලූම කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ක්‍රමානුකූලව සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විවිධ සමාගම් විසින් සිදු කොට ඇති ඉදිකිරීම් වලට අදාලව ගෙවිය යුතු බිල්පත්වල කල් ගතවීමේ ප්‍රමුඛතාවය අනුව බිල්පත් වල වටිනාකමට අදාළව ඉන් කොටසක් වසරකින් වසර දෙකකින් හෝ වසර තුනකින් කල් පිරෙන බැඳුම්කර මඟින් ගෙවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ව්‍යාපෘති වලට දායක වූ කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම පිළිබඳ සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසීය.

මෙම ගෙවීම් සිදු කිරීමේදී කිසිදු දේශපාලන විශේෂත්වයකින් තොරව පොදු ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් කීවේය.



අදහස් (3)

පොදු ක්‍රමයකින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් කරනවා

Sunil Tuesday, 20 December 2022 08:21 AM

පොදු ක්‍රමයකින් ගෙවනව කියන්නෙ මාස දෙක තුනකින් ගෙවිය යුතු මුදල් වසර තුනකින්වත් නොගෙවනව කියන එකද? එතෙක් මෙ කොන්ත්‍රත්කරැවන්ගෙ සෙවකයන්ගෙ දරු පවුල් කුසගින්නෙ තබනව කියන එකද?

:       0       1

විජේ Tuesday, 20 December 2022 01:54 PM

බහුතරයක් කොන්ත්‍රාත්කරුවන් දේශපාලන හෙන්චයියන් නිසාත්, මේවයින් කොටසක් දේශපාලුවන්ටත් යන නිසාත් මෙම ගෙවීම් අනිවාර්යයෙන්ම කලයුතුයි. පරිප්පු ඇටෙන්, ලාම්පුතෙල් බින්දුවෙන් හරි කමක් නෑ බදු එකතු කරලා මේ අහින්සකයන්ගෙ ප්‍රශ්නෙ විසදලා දෙන්නම එපෑ.

:       0       1

Perera Tuesday, 20 December 2022 02:17 PM

වැඩියෙන් කොමිස් දෙන අයගෙ ගෙවීම් ඉක්මනින් දෙන ක්‍රමවෙදයද???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site