(නිමල කොඩිතුවක්කු)
පොදු ක්‍රමවේදයක් ඔස්සේ සියලූම කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ක්‍රමානුකූලව සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විවිධ සමාගම් විසින් සිදු කොට ඇති ඉදිකිරීම් වලට අදාලව ගෙවිය යුතු බිල්පත්වල කල් ගතවීමේ ප්‍රමුඛතාවය අනුව බිල්පත් වල වටිනාකමට අදාළව ඉන් කොටසක් වසරකින් වසර දෙකකින් හෝ වසර තුනකින් කල් පිරෙන බැඳුම්කර මඟින් ගෙවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ව්‍යාපෘති වලට දායක වූ කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම පිළිබඳ සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසීය.
මෙම ගෙවීම් සිදු කිරීමේදී කිසිදු දේශපාලන විශේෂත්වයකින් තොරව පොදු ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ක්‍රමයකින් ගෙවනව කියන්නෙ මාස දෙක තුනකින් ගෙවිය යුතු මුදල් වසර තුනකින්වත් නොගෙවනව කියන එකද? එතෙක් මෙ කොන්ත්‍රත්කරැවන්ගෙ සෙවකයන්ගෙ දරු පවුල් කුසගින්නෙ තබනව කියන එකද?
බහුතරයක් කොන්ත්‍රාත්කරුවන් දේශපාලන හෙන්චයියන් නිසාත්, මේවයින් කොටසක් දේශපාලුවන්ටත් යන නිසාත් මෙම ගෙවීම් අනිවාර්යයෙන්ම කලයුතුයි. පරිප්පු ඇටෙන්, ලාම්පුතෙල් බින්දුවෙන් හරි කමක් නෑ බදු එකතු කරලා මේ අහින්සකයන්ගෙ ප්‍රශ්නෙ විසදලා දෙන්නම එපෑ.
වැඩියෙන් කොමිස් දෙන අයගෙ ගෙවීම් ඉක්මනින් දෙන ක්‍රමවෙදයද???