(යොහාන් භාසුර)
රටේ පවතින ව්‍යාකූල තත්වයට එරෙහිව පසුගිය 28 වැනිදා පැවැති විරෝධතාවට සහය දක්වමින් සේවයෙන් ඉවත්ව සිටි පොතුහැර දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට එරෙහිව ක්‍රියාත්මක කරන විනය පරීක්‍ෂණයට දැඩි විරෝධය පළකරන බවත් එම පරීක්‍ෂණය පැය 48 ක් තුළ හකුලා නොගත හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.
මහනුවර දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්‍ෂකවරයා කැඳවා තිබෙන විනය පරීක්‍ෂණයට පොතුහැර දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිසිඳු සාමාජිකයෙක් සහභාගි නොකරන බව ද කසුන් චාමර මහතා යොමු කළ ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අත්හිටුවන්න කියන අය ගෙදර යවන්න හොඳයි. ඇමැතිකම මට දුන්නා නම් මම කරන්නේ ඒක..
සේවයෙන් ඉවත් වුණා නම් එදාට නිවාඩු දාන්න කියන්න. එතකොට හරිනේ... නිවාඩු දානකොට ඒ වෙනුවට ආදේශකයෙක් දාලා යන්න ඕනෑ නම්, ඒක නොවුනේ ඇයි කියන එකත්... ඒ දාපු කෙනාට මොකද වුනේ කියලාත් බලන්න. මෙයාලාට ඕනෑ ඕනෑ විදියට නටන එකටත් දැන් මිනිස්සු නැගීසිටිය යුතුමයි.