
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සහ ඔහුගේ ප්‍රධානතම වෙඩිකරු ලෙස සැලකෙන ගොත අසංක නැමැත්තා ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් පවතින බව මේ රට මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාතාල මර්ධන කටයුතු වල නිරතව සිටින පොලිස් කණ්ඩායම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී 2018 වසරේ දී ඉන්දියාවට පලාගොස් තිබුණේ මන්නාරමට ගොස් එහි සිට බෝට්ටුවකින් යැයි එම බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීය.
ඉන්දියාවට පලාගිය ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඔහුගේ ගෝලයා වන ගොත අසංක සමඟ එක් වී මෙරට සිටින ඔවුන්ගේ ගෝලබාලයන් මෙහෙයවමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ,කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකරන බවට දපොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
කුමන හේතුවක් මත ඉන්දීය ආරක්ෂක මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ දැයි යන්න ගැන තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවට නිල වශයෙන් තවම දැනුම්දීමක් කර නොමැති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීහු වෙන් කළ විමසුමකදී කීය.
ඔවුන් දෙදෙනා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවට ආරංචි පැතිර යන බව ද පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ද තහවුරු කළේය .
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු
de silva Monday, 21 August 2023 08:11 AM
පාතාල කාරයින්ට සහ කුඩු කාරයින්ට උසාවියෙන් ලැබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතිනම් ඔවුන්ව දුරකථන අවහිර කරවන්න විශේෂ සිර ගෙදරක රඳවන්න ඕනේ. හිරගෙදර ජේලර්ලා මුදල් අයකර ඔවුන්ට දුරකථන ලබාදෙන නිසා... ඔවුන් හිරගෙදර තුළ සිට කප්පම් ගැනීම, මිනීමැරීම සහ කුඩු ජාවාරම ක්‍රියාත්මක කරනවා.
කිරිපුතා Monday, 21 August 2023 09:28 AM
මෙහෙට ගෙනැල්ලා නිදොස් කොට නිදහස් කරමු...
wedage Monday, 21 August 2023 10:54 AM
එතකොට ඛන්ජිපානි ඉම්රාන් මට්ටුවෙලා නැද්ද