(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වැඩිවු විදුලි බිල හා ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහල යාමට විරෝධය මතු කරමින් පුත්තලම නගරයෙ පන්දම් විරෝධයක් පැවැත්විණි.

මෙම විරෝධතාව පුත්තලම නගර සභාව නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි එම්.එන්.අමින් මහතා විසින් සංවිධානය කරන ලදි.

විදුලි බිල දරා ගත නොහැකි ලෙස ඉහල දැමිමට විදුලි බල අමාත්‍යවරයා කටයුතු කිරීමට විරෝධය දක්වමින් මෙම විරෝධතාවයට එක්වු පිරිස් විදුලි බිල් පුළුස්සා දමමින් තම විරෝධය මතු කිරීම දැක ගත හැකි විනි.

විරෝධතාවයට එක්වු පුත්තලම නගර සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රි එම්.එන්.අමින් මහතා පවසා සිටියෙ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට තම ජන්දය ලබා දීමේන් කර ගත්තේ බරපතල අපරාධයක් බවයි.