
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමි ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි.
කැකුණදුර ධම්මරත්න නැමති වයස අවුරුදු 63 ක හිමියෝ එසේ අපවත්ව සිටිති.
උදේ හා දහවල් ඊයේ දින දානය රැගෙන ගිය අය විහාරස්ථානයේ මුළුතැන්ගේ ආසන්නයේ තබා ගොස් ඇති බවත් විහාරවාසි හිමියන් පිළිබදව නිසි සොයා බැලිමක් කර නැති බව කියයි.
ගිලන් පස රැගෙන ආ පිරිසක් හිමියන් පිලිබදව විපරම් කර බලද්දි ආවාස ගෙය තුළ ඇද වැටි සිටිනු දැක ගම්වාසින් දන්වා ඇත.
පසුව පුත්තලම පොලිසිය පැමින අදාල මරණය සම්බන්ධ පරික්ෂණ ආරම්භ කර තිබුනි .
ඒ සමගම පොලිස් අපරාධ ස්ථානිය නිළධාරින් (සොකො ද ) පැමින පරික්ෂණ අරඹා තිබුනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!
ඒවත් මරණ පරීක්ෂණ නැතුව කොරෝනා ගොඩටම තමයි දාන්නේ....
දානය ගෙන්වා ගැනීමෙන් වැළකී තමාම උයා ගැනීම සුදුසුයි. මිනිසුන් ගෙන්වා ගැනීමෙන් වැළකිය යුතුයි...