IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ පීඩාවට පත් පිරිස 31,318 දක්වා ඉහළට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ක ගංවතුරින් හා මහ වැසි හේතුවෙන් පීඩාවට පත්වු පිරිස අද(28) වනවිට 31,318 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
 
සතියකට ආසන්න කාලයක් පුරා පැවති මහ වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 න් 15 කම ජනතාව පීඩාවන්ට පත්ව සිටිති.
 
මෙසේ පීඩාවට පත්වු පවුල් සංඛ්‍යාව 8257කි. එයින් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වන අතර එහි පවුල් 2108 ක පුද්ගලයින් 8516 ක් පීඩාවට පත්ව ඇති බව කියයි.
 
හලාවත පවුල් 1989 ක පුද්ගලයින් 8287 ක්, මුන්දලම පවුල් 972 ක පුද්ගලයින් 3335 ක් , මහවැව පවුල් 718 ක පුද්ගලයින් 2696 ක්, වෙන්නප්පුව පවුල් 699 ක පුද්ගලයින් 2409 ක්, නාත්තන්ඩිය පවුල් 462ක පුද්ගලයින් 1640 ක් , කල්පිටිය පවුල් 323ක 959 ක්ද, මාදම්පේ පවුල්  309 ක 1179 ක්ද, වනාතවිල්ලුව පවුල් 158 ක 528 දෙනෙක්, දංකොටුව පවුල් 9ක පුද්ගලයන් 31 ක්, ආණමඩුව පවුල් 6 ක 25 දෙනෙක් සහ කරුවලගස්වැව සිව් දෙනෙක්ද පීඩාවන්ට පත්ව සිටිති.
 
මෙම පිරිසෙන් පවුල් 371 ක 1361 දෙනෙකු අනාරක්ෂීත ස්ථානවලට යැවු බවද පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය කියයි.
 
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම පිරිසට පිසූ ආහාර හා වියළි සලාක ලබාදීමටද කටයුතු කරන බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.



අදහස් (0)

පුත්තලමේ පීඩාවට පත් පිරිස 31,318 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site