(මහින්ද නිශ්ශංක)
දින අටකට පමණ පසු පුත්තලම _කොළඹ අතර දුම්රිය ධාවනය යළි ආරම්භ වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ බත්තුළුඔය දුම්රිය ස්ථානය හා දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා පසුගිය 4 දා සිට පුත්තලම හා හලාවත අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටිය බව ද දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි.
ජලයෙන් යට වූ මාර්ගයේ ජලය බැස යාමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමෙන් පසුව දුම්රිය මාර්ග සේවකයින් මාර්ගය අළුත් වැඩියා කිරීමෙන් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.
මේ අනුව හෙට සිට පුත්තලම හා කොළඹ අතර සියලුම දුම්රිය සාමාන්‍යය පරිදි ධාවනය කෙරෙන බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුත්තලම-කොළඹ දුම්රිය ධාවනය යළි අරඹයි