(මහින්ද නිශ්ශංක)
දින අටකට පමණ පසු පුත්තලම _කොළඹ අතර දුම්රිය ධාවනය යළි ආරම්භ වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ බත්තුළුඔය දුම්රිය ස්ථානය හා දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා පසුගිය 4 දා සිට පුත්තලම හා හලාවත අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටිය බව ද දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි.
ජලයෙන් යට වූ මාර්ගයේ ජලය බැස යාමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමෙන් පසුව දුම්රිය මාර්ග සේවකයින් මාර්ගය අළුත් වැඩියා කිරීමෙන් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.
මේ අනුව හෙට සිට පුත්තලම හා කොළඹ අතර සියලුම දුම්රිය සාමාන්‍යය පරිදි ධාවනය කෙරෙන බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd