(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදැයි සුරියවැව පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අතරවාරයේ නීතීඥයකු සමඟ පෙරේදා රාත්‍රියේ සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාරවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් ස්ථානයට පැමිණ භාර වූ මෙම තිදෙනාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගෙන ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර තිබුණේ සූරියවැව වීරියගම වටරවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩ ගමගේ මල්කාන්ති නැමැති පනස් 58 හැවිරිදි කාන්තාවකි.
හෝටල් හිමියා ගේ බිරිඳ ඝාතනයට ලක් වූ මවගේ පුතකු සමග හොර රහසේ පලා යෑම මෙම ඝාතනයට හේතු වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය හෝටලය හිමි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සිටින තැන දැන ගැනීමට යැයි කියා මල්කාන්ති නැමැත්තිය පැහැරගෙන මෝටර් රථයක දමා ගෙන පලාගොස් පසුව ඇය ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුතාගෙන් පලි ගන්න මව මරූ තිදෙනා මාට්ටු