
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)
කොහුවල ජයසුමනාරාම මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයක නවතා තිබූ සුපෝබෝගේ මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යටවීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක මියගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ ජයසුමනා මාර්ගයේ පදිංචිව සිටි ජානකි දීප්තිකා ජයවර්ධන 59 හැවිරිදි දෙදරු මවකි.
පුතුට අයත් මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරණකාරියගේ පුතු අත්අඩංගුවට ගෙන ඇත.
ඡායා එච්.එම්.ධර්මපාල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදයක් වුනේ, ඔහොම දෙයක් කරන්න කලින් කරන්න ඕනෑ පළමු දෙය අත් තිරිංග ඇදලා තියන එක, කවුරු හරි වාහනේ ඉස්සරහ හෝ පස්සෙන් ඉන්නවා නම් කවදාවත් ඇක්සලරේටර් එක පාගන්න එපා.
විවාහ වෙලා ඉන්න පුතෙක් කියන්නේ බබෙක් නොවෙයි නේද? එච්චර වයසක ඉන්න දැනුම් තේරුම් ඇති පුතෙක් කාර් රෝදෙට තියපු ගල අයින් කරවන වෙලාවේ බ්‍රේක් පාගාගෙන හිටියේ නැත්තේ ඇයි? නිරපරාදේ වටිනා ජීවිතයක් නැති වුණා...
මේ වගේ අය නොදන්නා මගුල් නොකර සිටිය යුතුයි. අඩය ඉවත් කළපසු වාහනය ඉදිරියට එන බව මේ දෙන්නාම නොදන්නවා වගෙයි.
වාහන පැදෙව්වෙ නැතත් වාහනවල ක්‍රියාකාරිත්වය පිලිබදව යම් අවබෝධයක් සැමටම අවශ්‍යයි. එසේ නොවීම නිසා මෙවැනි දුක්මුසු පුවත් අසන්ට ලැබෙනවා. සැම දෙයම දන්නා පුතාත් ඔහුගේ මොලය අවස්ථාවට උචිත පරිදි කල්පනා නොකිරීම හේතුවෙන් තම මවගේ මරණය සිදුවීම අතිශයින්ම කණගාටුදායකයි.ජීවිතය කියන්නේ තණඅග ඇති පිනි බිංදුවක්වගේ කියන්නේ ඒකයි.
බොහෝම කණගාටුදායක මරණයක්... පල්ලමක ඔහොම වාහනය නවත්වලා ගොන් වැඩක් කරන්න ගිහිල්ලා රටට වටින හොඳ උගත්, බුද්ධිමත් කාන්තාවක් අහිමි වුණා. එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.