(දයාසීලි ලියනගේ)
වයඹ පළාතේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම ගෙවීම සඳහා අදාල චෙක් පත බැංකුවලට භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම තහවුරු කර ගන්නා ලෙසට වයඹ ප්‍රධාන ලේකම් වෙනුවට අධ්‍යක්ෂ පී. ඩබ්ලිව්. එස්. කේ. විජේසිංහ මහතා පළාතේ සියලු ප්‍රධානීන් වෙත දන්වා ඇත.
වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ නිලධාරීන්ට නියමිත දිනයේදීම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට අපහසුතා පැවතෙන බැවින් පළාතේ වැටුප් ගෙවීම සඳහා චෙක්පත් භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම තහවුරු කරගෙන අදාළ චෙක්පත් බැංකුවට භාර දෙන ලෙස ඔහු සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍යෙය් දැක්ම... ඔය පේන්නේ හොඳට...!
පාර්ලිමේන්තුවේ ඉඳගෙන රටට කෙළින අයට, පඩි නඩි වල අගහිඟයක් නැහැ නේද?