
(ඉන්දිකා රාමනායක)
මීගමුව කෙලින් වීදිය ප්‍රදේශයේ හෝටලයක පැවති පැති මත්පැන් සාදයකින් අනතුරුව එහි සූපවේදියකු පඩිපෙළකින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම හෝටලයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් එහි කළමනාකාරීත්වය විසින් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර මත්පැන් සාදය අතරතුර මෙම සූපවේදියා ඔහු නවාතැන් ගෙන සිටි හතරවැනි මහලේ කාමරය වෙත පඩිපෙලෙන් නැග යමින් සිටියදී ඔහු පඩිපෙලෙන් වැටි හිසට බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව, වෙන්නප්පුව, මත්පැන්, ඩෝප් පාටි... මම නිතරම කිව්වේ ඇල්කොහොල් සහ ගඟේ, මුහුදේ දියනෑම සහ මරණය අතර ඇති සහ සම්බන්ධතාවයි. දැන් එයට පඩිපෙල්ද එකතු කළයුතුය. ඉතාලියේ සහ යුරෝපයේ කෙනෙක් එම හෝටලයෙන්ම බීලා එම පරිශ්‍රය තුළදී තමන්ටත්, අනුන්ටත්.. ගෙදර යන අතරමගත් කරගන්නා හානිවලට එම හෝටලය වගකිව යුතුයි. ඒ නිසා මේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කළ යුතුයි. හෝටල්වල මත්පැන් තිබූ පමණින් ඔවුන් ඒවා නොවිකුණා පාලනයකින් සංවර මිනිස්සුන්ට පමණක් විකිණිය යුතු අතර, මිනිසුන් අධික ලෙස මත්වුණොත් ඒ වගකීමද ඔවුන් බාරගත යුතුයි..