IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොඩ්ඩන්ගේ ගතමනාව ලොක්කොත් අරන්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවලදී  සාමාන්‍ය   සේවක සේවිකාවන්ට හිමිවන  රුපියල් 750 ප්‍රවාහන දීමනාව (Transport Allowance) පාර්ලිමේන්තුවෙන්  වාහන  ලබාගෙන ඇති සහ  වාහන දීමනාවට හිමිකම් කියන ප්‍රධානීන්ද  කාලයක සිට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක්  සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු රැස්වීම් සවස 5.30න් පසු  පැවැත්වෙන අවස්ථාවල සාමාන්‍ය සේවක සේවිකාවන්ට  ඈත දුර බැහැර ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී පෞද්ගලිකවම  මුදල්  වැය  කරමින්  ගමන් කිරීමට සිදුවන හෙයින්  ඒ   වියදම  සැලකිල්ලට ගෙන ඔවුනට මෙම ප්‍රවාහන දීමනාව  කාලයක සිට මෙසේ ගෙවනු ලබන්නේය.

සාමාන්‍ය සේවක සේවිකාවන්ට මෙම දීමනාව මෙසේ හිමිවී  ඇත්තේ වෘත්තීය සමිති කලකට පෙර  ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස යැයි  කියති

කෙසේ වෙතත් සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන  එම ප්‍රවාහන දීමනාව පාර්ලිමේන්තුවෙන් වාහන හෝ   වාහන දීමනාව භුක්ති විඳින  ඉහළ නිලධාරීන්ද කාලයක සිට  ලබා ගන්නා බවට සේවකයෝ  තවදුරටත් චෝදනා කරති.

මේ  කාරණය  සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ විගණන අංශ පවා   මෙතෙක් අවධානය යොමුකර  කරුණු පෙන්වා නොදීම  කණගාටුවට කරුණක් බව අවධාරණය කරන සේවකයෝ මේ මුදල් නාස්තිය පිළිබඳව කතානායකවරයාටද පැමිණිලි කිරීමට  සූදානම් වෙති.

මේ අතර නිවාඩු හිලව් දීමනාව(Leave Encashment) සහ විශේෂ දීමනාව (සියයට 70) කප්පාදු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයෝ දැඩි නොසතුටට පත්ව සිටිති.

පාර්ලිමේන්තු සේවකයන්  මේ සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාටද පසුගියදා පැමිණිලි කර ඇත. මේ පිළිබඳව මාලිමා රජයෙන් යම් සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි සේවකයෝ බලාපොරොත්තුවෙන් පසුවෙති.

නිවාඩු හිලව් දීමනාව පාර්ලිමේන්තු සේවකයන් දීර්ඝ කාලයක සිට භුක්ති විඳි  වරප්‍රසාදයකි.



අදහස් (1)

පොඩ්ඩන්ගේ ගතමනාව ලොක්කොත් අරන්

ravin Saturday, 12 April 2025 11:17 AM

ඔය ලොක්කෝ කියන අයගේ හොරකම් තව තව හෙළි කළොත් පොඩ්ඩන්ගේ දීමනා ගෙවන එක අමාරු වෙන එකක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site