
(එම්.සුසිල් පියන්ත)
අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තාට අද බලපිටිය මහේස්තාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.
බළපිටිය මහාධිකරණයෙන් නියෝග කරන ලද රුපියල් ලක්ෂ දහයක වත්කම් ඇපයක් අද(9) සම්පූර්ණ කිරීම සැලකිල්ලට ගත් මහේස්තාත්වරයා අරුමාහන්දි ජනිත් මධුසංක නමැත්තාට ඇප ලබාදෙන ලෙස මහේස්තාත්වරයා අද(9) නියෝග කළේය.
ඇපලැබූ ජනිත් මධුසංක නමැත්තා බළපිටිය අධිකරණ භූමියෙන් පිටව මෝටර් රථයක නැගී ඔහු පදිංචි තෙල්වත්ත දෙසට නොව කොළඹ දෙසට යන අයුරු දැකගත හැකිවිය.
අද (9) ජනිත් මධුසංක නමැත්තාට එරෙහිව අම්බලන්ගොඩ පොලීසිය විසින් මත් කුඩු ලග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනු කොට තැබූ නඩුවක් සැලකිල්ලට ගනිමින් මෙසේ ඇප නියම කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ වගේ අයට ඇප දෙන්නේ?
මේ වගේ අයව ඇතුලේ තියනවාට වඩා හොඳයි... එළියට දාන එක. එතකොට කාගෙන් හරි වෙඩි කාලා ඉක්මනටම සෙත්තපෝච්චි.
ළඟදීම ආරංචි වෙයි, මෙයත් ඩුබායි පැන්නා කියලා...