
(ඉන්දිකා රාමනායක )
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටින. විශේෂ ගණයේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තා රඳවා සිටින විශේෂ සිරකුටිය පිටුපස කඩා විනාශ කරන ලද ජංගම දුරකථනයක්, සහ දුරකථන උපාංග කොටස් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සොයාගත් උපාංග අතර බැටරි චාජරයක්, හැන්ඩි ෆ්‍රි එකක් , ඩේටා කේබල් දෙකක් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රාජකාරිය යොදවා සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක්. ඊයේ (8) විශේෂ ගණයේ සිර කුටි රැසක් පරීක්ෂාවට ලක් කිරීමේදී ඉහත සිරකුටිය පිටුපස. මෙම තහනම් භාණ්ඩ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් උපකරණ බන්ධනගාර පාලන අධිකාරිය වෙත භාරදී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිවලට කෑදර නිලධාරින් එම ස්ථානවල සේවය කරන තාක්කල් මෙවැනි දේවල් නවත්වන්න හම්බ වෙන්නේ නෑ
එස්ටී.එෆ් එක හොඳට කරලා අන්තිමේ හානවා. අත්අඩංගුවට පත් උපකරණ බන්ධනාගාර පාලන අධිකාරියට දෙනවා. බන්ධනාගාර පාලන අධිකාරිය ආයෙත් පොඩි ලැසීට දෙනවා. එස්ටීඑෆ් එකෙන් ආයෙත් අල්ලලා බන්ධනාගාර පාලන අධිකාරියට දෙනවා. මරු අප්පා. මොකද ඔය උපකරණ ජේලර් කෙනෙක්ම නේද ලැසියට දෙන්න ඇත්තේ...?
මේ නාටක ඉවර වෙන්නේ කවද්ද? කාවද මේ පාලකයෝ මිනිස්සු රැවැට්ටන එක නවත්වන්නේ... මෙහෙම උපකරණ බන්ධනාගාරයට යවන්න පුලුවන් නම් ඉස්සෙල්ලා මේ තියෙන ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ නැද්ද?
සිරගත කර සිටින කුඩා ප්‍රමාණයේ එම පුද්ගලයාව සැඟවූ දුරකථනය සෙවීමට එක්ක ගියා නම් සැඟවූ දුරකථනයෙන් වෙඩි තැබීමට තැත් නොකරයිද?
රටේ තියෙන සියලුම බන්ධනාගාරවලට සිග්නල් ජෑමර් හයිකරන්නේ නැතුව මේගොල්ල බයිලා ගහනවා. පෙර සිටි කිසිම රජයක් නොකළ දේ මේ රජයෙන් කලොත් හරි.