(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කවුරු විරුද්ධ වුණත් පාඩු ලබන ආයතන රජයේ පීඩනයෙන්  ඉවත් කරගත යුතු බව  තමාගේ අදහස යැයි   සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (18)  පැවසීය.

මේ මොහොතේදී දැඩි ප්‍රතිපත්ති වල එල්බගෙන සිටියහොත් ක්‍රියාකාරී සැලැස්මට ගමන් කිරීමට බාධා මතුවන බවද ඔහු සඳහන් කළේය.

රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර  කියැවීමේ විවාදයේදීය.