IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාඨලීට එරෙහි නඩුවකට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ජූලි 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (30) නියම කළේය.

2016 පෙබරවාරී මස 28 වැනිදා අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ දිලුම් තුසිත කුමාර නමැත්තා බව හැඟවීමට බොරු සාක්කි සැදීමට කුමන්ත්‍රණය කිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා සාක්කි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

එමෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා  බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ  සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට  පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් වෙනම චෝදනා ඉදිරිපත් කොට ඇත.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි දැනට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 16 ක් යටතේ නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ තීන්දුව මෙතෙක් ලැබී නොමැති හෙයින් නඩුව කල් තබන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව ජූලි 25 වැනිදා තෙක් කල් තැබීමට නියම කළේය.



අදහස් (5)

පාඨලීට එරෙහි නඩුවකට දින දෙයි

පම්පොරි ජනක Wednesday, 30 April 2025 02:35 PM

හිරේ යන්න වෙන බව දන්න නිසා තමයි මෙච්චර දවසක් යන යන තැන ආණ්ඩුවට බැන බැන දැඟලුවේ

:       7       18

Neel Wednesday, 30 April 2025 02:52 PM

පාඨලී චම්පිකත් එහෙම තමයි. හැබැයී ඇල්වතුරත් නිවලා බොන්නේ. කොහොමද වැඩේ.

:       5       28

sanath Wednesday, 30 April 2025 04:28 PM

මොන බයිලා ගැහුවත් ඇත්ත වහන්න බෑ... උපරිම දඩුවම් ලැබෙන්න ඕනේ අසරණයෙකුගේ අනාගතය විනාශ කළ තැනට.

:       0       0

Perera Thursday, 01 May 2025 12:51 AM

දේශපාලන කුණු කූඩෙට දැමිය යුතු කෙනෙක්...!

:       0       0

රෂික Thursday, 01 May 2025 11:45 AM

හරිම ෂෝක්. ඔන්න ඉතිං ඕවට කතාකරන්න නීතිඥ වන ගම්මන්පිල යව ගම්මු. පිල්ලයාන් හැඬුවා ඒ යකා ලෝයර් වෙලා ආපුනිසා. පාඨලී බත් කක්කා යනවා ෂුවර්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site