(නිමල කොඩිතුවක්කු)
අපරාධයක් පිලිබඳව පරීක්ෂණ පැවැත්වීමේ මුවාවෙන්, පුරවැසියන් බිය ගැන්වීමට සැලැස්වීම හා කරදරයට පත් කිරීම සඳහා, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය තුළ අන්තර්ගත ප්‍රතිපාදන අවභාවිතා කරන බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරනු ලැබීය.
රටේ ජනතාවට ඇති භාෂණයේ නිදහස දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වීමේ අයිතිය සහ යම්කිසි මතයක් දැරීමට ඇති අයිතිය මේ මගින් අභියෝගයට ලක්වන බවත් ඔහු සිය පැමිණිල්ලෙන් කරුණු දක්වා තිබේ.
එම පැමිණිල්ල හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නීතිඥ රජික කොඩිතුවක්කු යන මහත්වරුන් විසින් පොලිස් මූලස්ථානයට බාරදෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොරා කෙසෙල් කැන අතපත ගාමින්ම සුද්දවන්තයා වෙන්න හදන රඟේ.....
මෙයාගේ නීතිගරුකබව රාජගිරියේදී දැකගන්න ලැබුනා.
කොච්චර පොරක් වෙන්න දැඟලුවත් ඔයා කවුද කියලා ජනතාව දන්නවා හලෝ...!