(මනෝප්‍රිය ගුණසේකර)

රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චමිපික මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තිරණය කළේය.

හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථවේ විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කොට ඇති බව විත්තිකරුවන්ගේ නීතඥවරු අධිකරණයට කළ දැනුම්දීමකින් අනතුරුව විනිසුරවරයා එලෙස නියම කළේය.