( මනෝප්‍රිය ගුණසේකර )
රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය.
තමා රෝගීව නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර දිනයේදී අධීකරණයට දැනුම් දුන් පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ අධීකරණයේ පෙනී සිටිම සළකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට දින නියම කළේය.
පාඨලී චම්පික රණවක මහතා සමග මෙම නඩුවේ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලීසියේ ස්ථානාධීපතිවරයා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා චෝදනා ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ආයෙත් ඇඩ්මිට් වෙන්න වෙයි නේද?
ඊළඟ ප්‍රවෘත්තිය බැසිල් ලිත් නඩුවෙන් නිදොස්කොට නිදහස්...
සුනාමි සල්ලි හොරකමද, මිග් ගනුදෙණුවද, ලසන්ත සහ එක්නැලිගොඩ මිනීමැරුම්ද, දෙමව්පිය මළ සොහොනද, සීනි සහ පොල්තෙල්ද, සීයට දහයේ මල්වානේ මාලිගාවද, පැන්ඩෝරා ඩොලර්ද...? මොන නඩුවද අහන්නේ...?
කම්බ හොරු නිදැල්ලේ.. රටේ නායකයන්, මිනීමරුවන් නිදහස් කරනවා. ඒත් කවුරුවත් මැරුණෙවත් නැති රිය අනතුර තමයි ලොකුම නඩුව. මේවා මෝඩ බයියලාටම හොඳයි. තාජුඩීන්, එක්නැලිගොඩ, ලසන්ත වගේ මරණ කරපු අය ඇතුළට දාපු නැති එකේ පවා තමයි දැන් හැමෝම ගෙවන්නේ...
මේ සිදුවීම උනේ මෙයා ඇමති කෙනක්ව සිටියදි.නමුත් එතන දී මෙයා හැසිරුනේ සිද්දියට මෙයා සම්බන්ද නෑ වගේ.අනික මේ තවත් වෙන්න ජනාධිපති කෙනෙක්.එයා හරිම ස්මාර්ට් ලෙස හිතන බව පෙන්වන අන් අයට වඩා සම්පුර්ණ යෙන් වෙනන් කෙනෙක් ලෙසත් මමත්වය ඉවහා ගිය කෙනක් ලෙසත් දන්නෝ දනිති.යකඩ හොරු,ඉඩම් හොරු,හාල් හොරු ඔය නොයෙක් ජාතියේ හොරු අතර මෙයා ස්මාට්.නමුත් රට්ටු බේරගන්නවා කියලා මයික් වලට කියලා අන්තිමට තමන්ට ප්‍රස්න ආවහම නවතින්නේ ඉස්පිරිතාලේ.
මුන් ඔක්කොම හොරු