(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන බොහොමයක් දැඩි ආර්ථික අභියෝගවලට මුහුණදී සිටින හෙයින් එම ගැටලු විසඳීම සඳහාවූ යෝජනා රටේ ආර්ථික ගැටලු විසඳීම සඳහා පිහිටවූ ජාතික සභාවට නොබෝ දිනකින් ඉදිරිපත් කරන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බොහෝ සමාගම් සිය වෙළෙඳ දැන්වීම් සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණයන් ආර්ථික ගැටලු හේතුවෙන් සියයට 70 කින් පමණ අඩු කර ඇති බව එම අනු කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.
ආර්ථික අර්බුද හේතුවෙන් ජනමාධ්‍ය ආයතනවලටද අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇතැයි ජනමාධ්‍යවේදීහු පිරිසක් එම කමිටුව හමුවේ පැවසූහ.
ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතනවල ගැටලු සහ ඊට අදාළ විසදුම් සහ යෝජනා සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව පසුගිය 15 වැනිදා රැස්විය.
රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් ආයතන මෙන්ම වෙබ් මාධ්‍ය, සහ සමාජ මාධ්‍යවල ජනමාධ්‍යවේදීහු පිරිසක් මෙම කමිටුව හමුවට කැඳවනු ලැබ සිටියහ.
රූපවාහිනි ආයතනවලට වෙළෙද දැන්වීම් ලැබෙන ප්‍රමාණය රාත්‍රී ප්‍රමුඛ කාලය තුළ (Prime time) සිදුවන විදුලි කප්පාදුව නිසා පහතවැටී ඇති බවත් වත්මන් ආර්ථිකය තුළ වැඩසටහන් නිෂ්පාදනය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවත් මෙහිදී කරුණු අනාවරණය විය.
කඩදාසි හිඟය ඇතුළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා පුවත්පත් ඇතුළු ප්‍රකාශන කර්මාන්තවල විශාල පසුබෑමක් සිදුව ඇති බව පුවත්පත් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීහූ කරුණු පෙන්වා දුන්හ.
මෙම තත්වය නිසා පුවත්පත්වල පිටු සීමා කිරීමට සහ පුවත්පත්වල මිල ඉහළ දැමීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ ඔවුහු පුවත්පත් මුද්‍රණය සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පාට ලීයක් නෙවෙයි දිරච්ච ලීයක්.