(අංජුල මහික වීරරත්න)
රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අද (30) ප්‍රකාශ සටහන් කර ගත්තේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණාද යන කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී තමාගෙන් විමසූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන හොයන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට කතා කලැයි සිතුවත් එහිදී තමාගෙන් ඇසුවේ වෙනත් දෙයක් බවද මන්ත්‍රීවරයා කීය.
රත්නපුර ප්‍රදේශයේ රැස්වීමකදී චම්පික රණවක මහතා විසින් කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි
nimal Tuesday, 30 April 2024 06:24 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණයට හෝ යම්කිසි කාරණයකට කැඳවා ඇත්නම් එය අවසානයේ පිටවයාම වෙනුවට එම ආයතනය ඉදිරිපිටදීම කැඳවීම සහ එහිදී සිදුවූ සිදුවීම් පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමට තරම් ලංකාවේ දේශපාලකයා පහත් තත්වයට වැටී ඇත...
Saman Tuesday, 30 April 2024 07:22 PM
ලංකාවෙ වෙන කරුනු කාරනා තේරුම් ගැනීමට තරම් මොලයක් නැති පාටකයෙක්