( රංජිත් රාජපක්ෂ )
ගිනිගත්හේන පොලිස් වසමට අයත් පිටවල මිල්ලගහමුල රක්ෂිතයේ කෝපි කැඩිමට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව සිටියදි ගම්වාසින් විසින් අද (21) උදෑසන කළ මෙහෙයමකදි එම කාන්තාවන් දෙදෙනා රක්ෂිතයේ ගලක් මත සිටියදි සොයාගෙන ගිනිගත්හේන රෝහලට ඇතුළු කිරිමෙන් පසු ඉන් එක් කාන්තාවක් මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන පිටවල මිල්ලගහමුල ප්‍රදේශයේ පදිංචි කුමාරමැණිකේ නැමති 55 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාවන් දෙදෙනා නිතර නිතර රක්ෂිතයේ කෝපි කැඩිමට යන බවත්, ඊයේ (20) දහවල්ද රකෂිතයට ගිය අවස්ථාවේ පැවති අධික වර්ෂාවත් සමඟ මාර්ගය සොයා ගැනිමට නොහැකිව රක්ෂිතය තුළ රාත්‍රිය ගත කර ඇත.
ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව රක්ෂිතයේ මෙහෙයුමක් සිදු කළ අතර අද උදෑසන ගම්වාසින්ට එම රක්ෂිතයේ ගලක් මත සිටියදි මෙම කාන්තාවන් දෙදෙනා හමු වි ඇති බව පොලීසිය සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිටවල රක්ෂිතයේ දර කඩන්න ගිය කතක් මරුට