(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද, ඉහළ ගියේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද, අඩු කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ද, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236 ක් ද, බවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ. ඇමැතිලාට තෙල් කෝටා තියෙනවනේ.. එකක් මතක තියා ගන්න. නුඹලාගේ ඔක්කොම කෝටා ඉවරවෙනවා ටික කාලෙකින්... නුඹලා මේ ආත්මේ කාටවත් කරපු පිනකුත් නැති නිසා ඊළඟ ආත්මේ හිඟාකන්න තමයි වෙන්නේ... 100%ක් ශුවර්...
උද්ධමනය අඩුවී රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිඵල... තෙල් මිල ඉහළ යාම.. රනිල්-කාංචන සූත්තරය...
ඡන්දයක් තියන්නේ නැතිව තවත් ජනතාවට පීඩා ඇති කරනවා.
ඡන්දයක් තියන්නකෝ. අපි එදාට මිල වෙනස් කරන්නම්...
උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා කියන්නේ ඕකට තමයි. ඡන්දයක් තියපල්ලකෝ පෙන්නන්න.
ලයිට් බිල සොච්චචමක් අඩුකෙරුවානේ. ඉතින් ඒකට හරියන්න අපි ඉන්ධන මිල වැඩිකෙරුවා. ඉතින් කට වහගන හිටහල්ලා....
නියමයි...!
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ආණ්ඩුවට තියෙනකම් ආණ්ඩුව හිතුමතේට වැඩ කරාවි... සහාය නැතිවුණු දා තමයි ආණ්ඩුවේ අයට වැඩ වරදින දවස...