(යොහාන් භාසුර)

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (16) කොළඹට ළගා වන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම නෞකාවේ ඇති පෙට්‍රල් තොගයට මේ වන විටත් ඩොලර් ගෙවා ඇති බවත් රට තුළ මේ වන විට ලබන 20 වැනිදා දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.