
(එම් .සුසිල් ප්රියන්ත )
අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම් පොළෙන් සිය වාහනවල ඉන්ධන ටැංකියට පුරවන පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර ඇතැයි කියමින් අද (27 ) වාහන රියදුරන් හා එම ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
අතිවූ තත්ත්වය මැඩ පැවැත්වීමට පිරවුම් පොළ අසළට පොලීසියද කැදවීමට සිදුවිය.
තමන් ධාවනය කරනු ලබන රථ වාහනවලට ගැසූ පෙට්රල් වල භූමිතෙල් අන්තර්ගතව ඇතැයි කියමින් වාහන රියදුරන් පිරිසක් අද (27 ) අම්බලන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම් පොළට සිය වාහන ගාල් කරමින් කෑකෝ ගැසීමත් සමගම මේ උණුසුම් තත්ත්වය හට ගත්තේය.
මෙහිදී රථ වාහන රියදුරන් හා ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.
මේ තත්ත්වය එන්න එන්නම වර්ධනයවීමත් සමඟම සේවකයින්ට පොලීසිය හා සිය ආයතන ප්රධානීන් කැඳවන්නටද සිදුවූහ.
අම්බලන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම් පොලෙන් ගැසූ පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර ඇති නිසා සිය වාහන ධාවනය කිරීමට නොහැකි බව කියමින් රථ වාහන රියදුරන් පිරිස් කෑකෝ ගසමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර තමන්ටවූ අසාධාරණයට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවටද ඔය IOC තෙල් ගන්නේ...?
තෙල් නැතුව මහමග නැවතුණත් මම IOC තෙල් ගන්නේ නැහැ. IOC තෙල් ගහන එක නතර කලේ ඉන්දියාවට විකුණපු දවසේ ඉඳලා.
සමූපකාර පිරවුම් හලේ ඉන්නේ හොරුන්... ඔවුන් හොරට තෙල් ගහන්නේ අද, ඊයේ නොවේ.
සමූපකාර පිරවුම් හලේ ඉන්නේ හොරු...
වත්තලත් 4ක් තියෙනවා. 4 ම එකයි. භූමිතෙල් කලවම් කරලා ගහන්නේ. වැලිසර නේවි ශෙඩ් එක ඉස්සර හොඳයි. දැන් ඒකටත් මගදීම භූමිතෙල් කලවම් කරනවා කියලා ආරංචියක් තියෙනවා. IOC එක වර්ජනය කරලා පන්නන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලා මේවා නිවැරදි කරන්න ඕනෑ.
සමුපකාර ශෙඩ් බහුතරයක අයිතිය තියෙන්නේ UNP සහ PPF පක්ශවල ඉන්න හොරුන්ට. කිරිබත්ගොඩ ඉඳලා වත්තල හුණුපිටිය පාරට හැරෙන තැනම එකක් තියෙනවා. ගහන්නෙම භූමිතෙල්... කොච්චර ඇල්ලුවොත් පහුවෙනිදා ඉඳලා ආපහු වැඩ. ඕවා විකුණන සහ අල්ලන ඒ ඔක්කොම හොරු....
අපට කොහොම දැනුණත් එන්ජිමට නම් කසිප්පුයි, විස්කියි එකට බිව්වා වගේ දැනෙන්න ඇති. මොනවා බිව්වත් වෙරිවෙනවා වගේ කවලමේ ආවත් එන්ජිම දිව්වානේ නේද?