
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවූහ.
මෙම පිරිසට මියන්මාරය තායිලන්තය යනාදී රටවල භික්ෂූ භික්ෂුනීහුද ඇතුළත් වූහ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාව පිළිබඳවත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳවත් සාකච්ඡා කෙරිණ.
මෙහිදි එම කණ්ඩායම විසින් කතානායකවරයාට මියන්මාරයේ සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන වටිනා ග්‍රන්ථයක් පිළිගන්වනු ලැබීය. මෙම ග්‍රන්ථය රචනා කිරීමට වසර 30ක් සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය සදහා වසර 20ක් ගතවූ බවත් එය එරට ජාතික උරුමයක් බවත් මියන්මාරයේ භික්ෂූන් වහන්සේලා පැවසූහ.
COMMENTS
ඔය මොනතරම් දර්ශන දැම්මත් අපිට තියෙන්නේ ‘‘බාලවයස්කාර දරුවන් දූෂණය‘‘ කියන මේ තේමාව පමණයි. අවුරුදු 18ට අඩු ළමයින් ආගම්වලට බඳවාගෙන ඔවුන්ට හොරකම, බොරුව, වංචාව සහ කුපාඩිකම් පුහුණු කිරීම.... මේ දේවල් ගැන කතාකිරීමට කාලය උදාවී ඇත.
ඔබතුමාගේ කතාව, කෙරුවාව අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ ගනේගොඩ මැතිතුමනි... බෞද්ධයා කියන වචනේ තේරුමවත් දන්නවාද ඔබ... ?