IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පිටිපනදී බසය අටපට්ටම්: අයෙක් මරුට: 13 ක් රෝහලේ

(කේ. බුද්ධික කුමාරසිරි, ප්‍රියන්ත ජයලත් සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම තලගල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී සහභාගී වී නැවත එමින් සිටි පිරිසක් රැගත් බස්රථයක් පිටිපන සුවපුබුදුගම ප්‍රදේශයේ දී  මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම නිසාවෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් පුද්ගලයන් 13 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි

රියදුරු වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පසු මීටර් තිහක පමණ දුරක් ධාවනය වී පෙරළී ඇති බවත් සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි'

අනතුරින් මිය ගොස් ඇත්තේ පිටිපන මූකලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මේනක පුෂ්පකුමාර නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි

රියදුරුගේ බීමත් ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

රෝහල් ගතව සිටින පිරිසගේ තත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය

හෝමාගම පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි 

 



අදහස් (0)

පිටිපනදී බසය අටපට්ටම්: අයෙක් මරුට: 13 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site