
(මහින්ද නිශ්ශංක)
පිටකොටුව තොග වෙළෙදපොළේ දෛනික වෙළෙදාම මේ වනවිට සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇතැයි තොග වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අවශ්‍ය තරම් තිබුණත් ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙදුන්ගේ සංඛ්‍යාව ද විශාල වශයෙන් අඩු වී ඇති බවත් මේ නිසා තොග වෙළෙදපොළ පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ද තොග වෙළෙන්දෝ පවසති.
විශේෂයෙන් පිටකොටුව තොග වෙළෙදපොළට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ වැඩි වශයෙන් පැමිණීම නිසා ඒවා ඉක්මනින් අවසන් කර ගත යුතු බැවින් මේ දිනවල තොග වෙළෙදුන් ආනයනය මිලටත් වඩා අඩුවෙන් එම ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන බව ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංගමය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ වැඩේ, රටේ ආර්ථිකය දියුණු කළාට පිටකොටුවේ ආර්ථිකය ගැන බළලා නෑ නේ
රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි .. ඒකයි..
ඇයි ඉතින් ඕනවට වඩා තොග පවත්වාගෙන යන්න හේතුව?කුනුවන කල් ඉකුත්ව යන දේවල්වල මිලත් පාරිභෝගිකයා නේද දරන්න ඕන. විදේශීය ගොවීන්ට හම්බ කරවන ක්‍රමය නවත්තන්න නම් අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පුරෝකථනය රජය හෝ ස්වාධීන ආයතනයක් කර ආනයනය සීමා කල යුතුයි නේද?
තොග වෙළඳ පොලෙහී භාණ්ඩ අලෙවි වනුයේ සිල්ලර වෙළඳපොලෙහි වෙළඳාම අනුවය .තම තමන්ගේ අවශ්‍යතාවය සඳහා ඇති මුදලින් රට කාබාසිනියා කරන කොටසක් නඩත්තු කරනවා හැරෙන්න වෙන කිසිවක් පාරිභෝගිකයා හට ඉතිරිව නොමැත
මිනිසුන් වෙනත් විකල්ප කරා යොමු වී ඇතිනම් ඒක හොඳ ප්‍රවනතාවයක්. නැත්නම් වෙළඳපොළ ඒකාධිකාරයක් පවතිනවා. අධික ලාබ ලබනවා. වස විෂ මුසු කරනවා.