(නිමල කොඩිතුවක්කු)
තමන්ගේ පටු වාසි අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව සහ ක්‍රිඩකයන් සමඟ දේශපාලනය කරන්න එපා කියා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී අද(2)පැවසීය.
තමන්ගේ නොහැකියාව සහ රටේ ප්‍රශ්න වහන්න ක්‍රීඩාව දේශපාලනයෙන් යට කරන්න හදන උත්සාහයට විරුද්ධව පාට පක්ෂ බේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු බවද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය.
“ලංකාවට විශාල කීර්තියක් අත්කරදුන් ක්‍රිඩකයන්ට කරන්නාවූ මේ පලිගැනීම පිළිබඳ අපි කණගාටුවෙනවා. 2011 වසරේ සිදුවිමක් ඇයි මේ අද එකපාරටම නිර්මාණය වුණේ.
මිට මාසයකට දෙකකට පෙර හෝමාගම ක්‍රිඩාංගණය ගැන ජනතා විරෝධයක් ඇතිවුනා. කොරෝනා වසංගතය ඇතිවෙලා රටේ ආර්ථිකය කඩා වැටිලා තිබෙන අවස්ථාවක මේක දැනට සුදුසු නැහැ කියලා ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු දක්ෂයෝ කිව්වා.
මේ ගැන අගමැතිතුමන් එක්ක තිබිච්ච සාකච්ඡාවේදී මහේල, සංගක්කාර, අරවින්ද තුන්දෙනාම කතා කරලා විරෝධය පළකලා.
දේශපාලන පලිගැනීම උච්චතම තැන තියෙන කණ්ඩායමක් තමයි අද රට පාලනය කරන්නේ කියලා මේ සිද්ධියෙන් හොදටම පැහැදිලි වෙනවා.
මහින්දානන්දලා බැලුවා ඡන්දෙ කාලේ මේ ක්‍රිඩකයන්ට ගහන එක තමයි හොදම වැඬේ කියලා. දැන් ඒක ආණ්ඩුවට පාරාවලලලක් වෙලා තියෙනවා.
මහේල, සංගක්කාරලා ලංකාවට ගෙනල්ලා තියෙන කීර්තිනාමය මිල කරන්න බැහැ. මහේල සංගා කියන්නේ බ්‍රෑන්ඞ් එකක්. මිනිහෙක් අවංකව කතාකරහම ඒ මිනිහව විනාශ කරන එක මේ ලංකාවේ සංස්කෘතියයි.
ක්‍රීඩකයන්ට අත තියන්න එපා, ක්‍රීඩාව, ක්‍රිඩකයන් එක්ක දේශපාලනය කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙහෙම ගියොත් අපිට ලොකු අර්බුදයකට මුහුන දෙන්න වෙනවා. ක්‍රීඩකයෝ ක්‍රිඩා කරන්න බය වෙනවා. දෙමාපියන් දරුවන්ට ක්‍රිඩා කරන්න දෙන්නේ නැහැ.
දූෂණය සම්බන්ධයෙන් අපි නීතීයක් හදලා තියෙනවා. බොරු චෝදනා කරන්නේ නැතුව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපේ කාලයේ බුකීකරුවන්, දූෂිතයන් ක්‍රිඩාවෙන් ඉවත්කළා.
දේශපාලනය අමතක කරලා අපි සියලු දෙනා මෙයට විරුද්ධව නැගී සිටිය යුතුයි. මම නාමල් රාජපක්ෂ ඇතුලු ඒ කාණ්ඩායමටත් ආරාධනා කරනවා ක්‍රීඩකයන් ආරක්ෂා කරගන්න ඉස්සරහට එන්න කියලා.
තමන්ගේ නොහැකියාව සහ රටේ ප්‍රශ්න වහන්න ක්‍රීඩාව දේශපාලනයෙන් යටකරන්න හදන මේ අවස්ථාවේ අපි සියලු දෙනා එකතුවෙලා පාට පක්ෂ භේදයකින් තොරව මෙයට විරුද්ධව හඬ නගමු කියලා ආරාධනා කරනවා. මේ පුද්ගලයොන්ට ක්‍රීඩාව විනාශ කරන්න දෙන්න බැහැ. මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න ඉඩදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
කුමාර සංගක්කාර ලෝක ක්‍රිකට් කවුන්සිලයේ සභාපති කමට එනවා කියලා කතාවක් යනවා. තරඟ කරන අනික් පැත්තෙන් කොමිස් එකක් අරගෙන අපේ අමාත්‍යවරයෙක් මේ චෝදනාව කරාද කියන සැකයත් අපිට මතුවෙනවා. අද මැතිවරණයක් තියෙන අවස්ථාවක තුට්ටුදෙකේ වැඩකරන්න එපා කියලා අපි මේ අයගෙන් ඉල්ලා සිටිනවා” යැයිද එහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් රට පාලනය කරපු හැමෝම කරේ රටත් කළ ක්‍රීඩාවත් කාපු එක තමයි.
නුඹලාට පටු වුණාට ගන්ගුලිගෙන් අපිට ලබෙන දේවල් පටු නෑ...
එම ක්‍රීඩා තරගයේ ක්‍රීඩා විලාශය නම් ඉතා ප්රශ්නකාරීය. ඒ බව එදා හිටපු ලෝකශූර නායකයන්, ක්‍රීඩා විචාරකයින් පවා ප්‍රකාශ කළා.. විශිෂ්ඨ ක්‍රීඩකයින්ට ඇති ගෞරවය වෙනම දෙයකි. එදා මෙන්ම අදත් අර්ජුන පවා මේ විමර්ශනයට විරුද්ධත්වයක් නැහැ නොවේද?
අගරදගුරුතුමාට අපහාස කරපු කෙනා කියවන වල්පල් කවුද ගණන් ගන්නේ...?
තමුන්ටත් ක්‍රීඩකයන් පගාව දීමට උත්සාහ ගත් බව එක්තරා ඇමතියෙක් ICC යට කිව්වා. ඔහු කවුරුන්ද?
හැබැයි මට පුලුවන් බෝම්බකාරයන් සමග සෙල්ලම් කරන්න.
මෙයාවත් ප්‍රශ්න කරන්න ඕනේ... සමහරවිට තරගයට කළින් දවසේ මෙයාගේ තාත්තා මේ සම්බන්ධයෙන් මොනවහරි කියලා තියෙන්න ඉඩ තියෙනවා.
"පටු වාසි වෙනුවෙන් ක්‍රීඩාව-ක්‍රීඩකයින් සමඟ දේශපාලනය කරන්න එපා" තාත්තාද කිව්වේ?