
(යොහාන් භාසුර සහ කුෂාන් ජයවර්ධන)
සීදූවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබියදී කලාවැව දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වූ තිරිඟු පිටි ප්‍රවාහනය දුම්රිය එම ස්ථානයෙන් ඉවත්කිරීමට නොහැකි වීමෙන් මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කළාවැවට සීමා වී තිබේ.
මෙහිදී ඇන්ජිම, නියාමක මැදිරිය සහ තිරිගු පිටි ප්‍රවාහනය සඳහා යොදාගන්නා කන්ටේනර් හයක් පීලි පැන ඇති බවත් එහිදී දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුවී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික ශිල්පීන් දුම්රිය පීලිගත කිරීමේ කාර්ය ආරම්භ කළ අද පස්වරුව දක්වාම එන්ජිම ඉවත්කිරීමට නොහැකි වී තිබූ බවත් එම එන්ජිම මෙට්‍රික් ටෝන් 130 ක් පමණ බරකින් යුත් එම්. 11 වර්ගයේ ඩීසල් එන්ජිමක් වීම නිසා එය ඔසවා ඉවත්කිරීමට විශේෂ යන්ත්‍ර අවශ්‍ය බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙම අනතුර සිදුවූ පසුගිය සිකුරාදා විජිතපුර - කලාවැව මාර්ගයේ වාහන ධාවනයට ද පැය කීපයක් බාධා ඇති විය.
(ඡායාරූපය - කුෂාන් ජයවර්ධන)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුද කිව්වලු පිටි ප්‍රවාහනය නතර කරනවා කියලා... ඇත්තද මහත්තයෝ..?
නඩත්තුව බැරි ගෑනියෙක් ගත්තා වගේ තමා. මොනවද මේ කථා. අපිද ඵන්ජින් තේරුවේ.
ඉන්දියාවෙන් ලැබුණු මේ දුම්රිය එන්ජින් දහයෙන් තුනයි සේවයේ යොදවා තිබෙන්නේ.ඒවා අපේ රටේ දුම්රිය මාර්ග මාරග වලට සුදුසු නැහැ.