
(අමදෝරු අමරජිව සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිකුණාමලය උප්පුවේලි කන්නියා - සර්ධාපුර මාර්ගයේ කිලිකුංජිමලේ වල්ලුවර් කෝට්ටන් නිවාස සංකීර්ණය අසල මාර්ගය අයිනේ දමාගිය දිනක් වයසැති බිලිදකු අද (04) සොයාගත් පොලිසිය එම බිළිදා රෝහල් ගත කිරිමට පියවර ගත්තේය.
ප්‍රදේශවාසින්ගෙන් පොලිසියට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එස්.ලලිකාත් කුමාර මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙම බිළිදා සොයා ගැනිමට හැකිවිය.
පොහොර බෑගයක රෙදි කඩක් මත තබා තිබි ඇති අතර අයහපත් කාලගුණය නිසා ඒ අසල සිටි කාන්තාවක් බිළිදා වැස්සෙන් ආරක්ෂා කර ගැනිමට ඒ අසල ඇති ඇගේ නිවසේ පොලිසිය එනතෙක් ආරක්ෂා සහිතව තබාගෙන තිබිනැයි පොලිසිය කියයි.
පිරිමි දරුවකු මෙම බිළිදා හොදින් වැඩුනු දරුවකු වන අතර යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඇතැයි පොලිසිය අනුමාන කරයි. උප්පුවේලි පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරික්ෂක ටි.එච්.එන්.ජයමාලි මහත්මිය ඇතුලු කාන්තා පොලිස් නිලධාරිනියන් බිළිදා පොලිසියට රැගෙන විත් බිළිදාට අවශ්‍ය රෙදි පිළි ලබාදි ත්‍රිකුණාමලය රෝහලට බාරදී ඇත.
උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එස්.ලලිත් කුමාර මහතා ගේ උපදෙස් මත ළමා හාකාන්තා ර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරික්ෂක ටි.එච්.එම්.ජයමාලි මහත්මිය ඇතුලු කණ්ඩායමක් බිළිදාගේ මව සොයා පුලුල් පරික්ෂණයක් ක්‍රියාත්මක කර ඇත.
මේ අතර බිළිදා පොලිසියට රැගෙන ඒමෙන් පසු බිළිදා හදා වඩා ගැනිමට ඉල්ලා මව්වරු තිදෙනකු එම අවස්ථාවේ පොලිසියට පැමිණි අතර තවත් දෙදෙනෙකු දුරකථනයෙන් පොලිසියට කථාකර බිළිදා හදාවඩා ගැනිමට ඉල්ලා ඇත. පොලිසිය එම මව්වරුන්ට ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අධිකරණය හරහා ඉල්ලිම් කරන ලෙසය.රෝහලට ඇතුලත් කර සිටින බිළිදා ඉදිරි දින කිහිපය තුල අධිකරණ නියෝග මත පරිවාස භාරයට පත්කිරිමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
294
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි බබෙක් මහ පාරේ දමා ගිහින්
sisira Saturday, 04 February 2023 08:22 PM
පුංචි බබෙක් මහ පාරේ දමා ගිහින් වැනිම සිදුවීමක් ඊයේ මවක් කුඩා දරුවකු රැගෙන අරගල භූමිය වෙත පැමිණ සිටියේය. ජලප්‍රහර හමුවේ පොලිසිය එම කුඩා දරුවාගේ වැඩිහිටියන් හට ඉවත්වන ලෙස දන්වා සිටියද ඔවුන් එම ඉස්තානයේම රැදී සිට මාධ්‍ය ඉදිරියේ කල රගපෑමකි.යම් හෙයකින් එම දරුවට අනතුරක් සිදුඋවහොත් අරගලකරුවන් ලෝකයට ලබාදෙන්න වූ පණිවුඩය කුමක්ද කියා සිත ගත හැකිවේ. එමනිසා කුඩා දරුවන් අරගල වෙත ගෙන එන්නාවූ වැඩිහිටියන් වෙත අදිකරණයෙන් යලිත් මෙවැනි කට යුතු සිදුවීම වලක්වාගනිමට්ට තදින් අවවාද කල යුතුවේ.
චින්තක Sunday, 05 February 2023 08:28 AM
සාමාන්‍යයෙන් අධිකරණයට ඉදිරිපත් කලාම ළදරුවන් පරිවාස දෙපාර්තමේන්තුවේ බාර ගැනීමේ නිවාසයකට යවනවා ඉන් පස්සෙ පරිවාසයෙන් ඉල්ලීම් කර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වඩාත් සුදුසු කෙනෙකුට දීමට අනුමත කරනවා ඉන් පස්සෙ දරුවො ලබාගෙන කුලවැද්දුම් නඩුවක් පවරා උප්පැන්නය අලුත් දෙමාපියන් නමට සකසා ගන්න පුළුවන්.
Athula Sunday, 05 February 2023 04:32 PM
නන්දා මාලනිය එදා ගීත තුළින් ගැයුවා " වීසිකරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ කියලා" මේ සාපරාධී ක්‍රමය වෙනස් කරන්න කියලා කිව්වේ. මෙන්න මේ නිසා...