IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පූංචි ඡන්දයට ආඥාවක් ඉල්ලා සජබයෙන් පෙත්සම් දෙකක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සම් දෙකක් ගොනුකර ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය පී.ඇල්පිටිය,ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, එම්.ඒ සුමන්තිරන්, දයාසිරි ජයසේකර මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කරනු ලැබ සිටිති.

වර්තමාන පළාත් පාලන ආයතනවල ජීව කාලය ලබන වසරේ මාර්තු 19 වැනිදා අවසන් වන බවත් පළාත් පාලන මැතිවරණ පනතේ විධි විධාන අනුව පළාත් පාලන මැතිවරණය ආරම්භ කිරීමට මාස 6 කට පෙර මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවට මහජනතාව දැනුවත් කළ යුතු බවත් පෙත්සම් වල සඳහන් වේ.එහෙත් මැතිවරණ කොමිසම ඒ පිළිබඳ මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් එමගින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවත් එම පෙත්සම්වල දැක්වේ.

එමනිසා වග උත්තරකරුවනට නොතීසි නිකුත් කරන ලෙසද පළාත පාලන මැතිවරණය පැවැත්වීමට සුදානම් බවට අභිලාශය ප්‍රකාශයට පත් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

පූංචි ඡන්දයට ආඥාවක් ඉල්ලා සජබයෙන් පෙත්සම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site