IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුංචි ඡන්දයේ දිනය ලඟදීම

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද(27)වන දා සාකච්ඡා කර ඇත.

විභාග වලට බාධාවක් නොවන ආකාරයට දිනය යොදා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

එහෙත් තවමත් අවසන් දිනයක් සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බව ඔහු ප්‍රකාශ කළේය. කොමිසම ඉදිරි දිනවල යළි රැස්වී අවසන් දිනය තීරණය කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැතිය යුතු බවත් ඒ සඳහා කොමිෂන් සභාව සූදානම් බවත් ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති ආනන්ද රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27)වන දා පෙරවරුවේ රැස්විය. මහ මැතිවරණය පැවැත්වීමෙන් පසු කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.



අදහස් (1)

පුංචි ඡන්දයේ දිනය ලඟදීම

Roni Wednesday, 27 November 2024 09:46 PM

මේවා කලින්ම දෙන එක හොඳයි .නැත්නම් කොට උඩ යනවා .තවම මෝඩයෝ රැවටිලා ඉන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site