
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද(27)වන දා සාකච්ඡා කර ඇත.
විභාග වලට බාධාවක් නොවන ආකාරයට දිනය යොදා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එහෙත් තවමත් අවසන් දිනයක් සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බව ඔහු ප්‍රකාශ කළේය. කොමිසම ඉදිරි දිනවල යළි රැස්වී අවසන් දිනය තීරණය කිරීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැතිය යුතු බවත් ඒ සඳහා කොමිෂන් සභාව සූදානම් බවත් ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති ආනන්ද රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27)වන දා පෙරවරුවේ රැස්විය. මහ මැතිවරණය පැවැත්වීමෙන් පසු කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කලින්ම දෙන එක හොඳයි .නැත්නම් කොට උඩ යනවා .තවම මෝඩයෝ රැවටිලා ඉන්නේ