IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුංචි ඡන්දය තියෙන දවස මැතිවරණ කොමිසම කියයි

 

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ඡන්දය ලබන මාර්තු 20වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කොමිෂන්  සභාව විරුද්ධ බවද සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබී ඇති බවද  ඔහු සඳහන් කළේය.

පළාත් සභා අද ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු තැන්වලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත් ඔහු සඳහන් කළේය.

පළාත් සභා අතුරුදන් වී නැති බව පැවසූ සභාපතිවරයා  එය අතුරුදන් කර ඇති  බවද ප්‍රකාශ කළේය.

මේ අතර නිදහස ජනතා සභාවේ සාමාජිකයෝ  පිරිසක් මැතිවරණ කොමිෂන්  සභාවට පැමිණ එහි සභාපති  නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද (12) පෙරවරුවේ හමුවූහ. ඔහු මේ බව පවසා ඇත්තේ එම රැස්වීමේදීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසූවේ  අනාගත මැතිවරණවලට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි බවයි.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ නීතිය යටතේ මැතිවරණයක් තියන්නම වෙන බවයි.

ව්‍යාජ හේතු ඉදිරිපත් කර මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සමග මේ සම්බන්ධයෙන්  අංග සම්පූර්ණ සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (3)

පුංචි ඡන්දය තියෙන දවස මැතිවරණ කොමිසම කියයි

sriyal Wednesday, 12 October 2022 10:31 PM

කොන්ද තියෙනව නම් මේ සතිය ඇතුලත ඕක තියෙන දවස නිවේදනය කරන්න. ඕට්ටුයි බෑ

:       1       3

සුරංග Thursday, 13 October 2022 05:36 AM

ආණ්ඩුකාරවර කියන්නෙ නිළධාරියෙක් නොවෙයි ඔවුන් තමයි පළාත් සභා පාලනය කරන්නෙ පළාත් පාලන මැතිවරණ තියන්න ඔබතුමාගේ අතේ සල්ලි තියෙනවයි.

:       2       2

චමින්ද Thursday, 13 October 2022 08:34 AM

01, ඡන්දය කියන්නෙ කැමැත්ත. ඒක රහස් ඡන්දයක් කියලා කියනවානේද ඒකට ඡන්දය ලකුණු කරන්න පොඩි කුටියක් දෙනවා එහෙම වුනාට සමහරක් ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සමග යන සහායකයින් ඡන්දය සළකුණු කරන ආකාරය ළගට වෙලා බලාගෙන ඉන්නවා. මෙයින් රහස්‍ය බව නැතුව යනවා මෙනිසා මැතිවරණයට පෙර නිළධාරින් පුහුණු කරන අවස්ථාවේ මෙහෙම දූෂණ නොකිරීමට දැනුවත් කරන්න කියලා ඉල්ලන්න කැමතියි. 02, ඒ වගේම කියන්න ඕන ඡන්ද හිමි නාමලේඛන සැකසීම කරනවිට පවුලේ වැඩිමල් අය මුලිනුත් බාල අය පසුවත් ලේඛන ගත කරන්න කියලා දැන් තියෙන ක්‍රමයට ගෘහමූලිඛයා වුනත් ලැයිස්තුවේ අන්තිමට තියෙන්න පුළුවන් ඒක පරිගණකයේ උපන් දින අනුව ෆිල්ටර් කිරීමෙන් කරන්න පුළුවන් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site