IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී

(මනෝප්‍රිය ගුණසේකර)

පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කෙරිණී.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නීතිඥ කොෂල්‍යා ජයවීර, ගල්කිස්ස හිටපු නගරාධිපති උපුල් ගමගේ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කල්දමා ඇති පලාත් පාලන. මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලූතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්හ.

මේ හේතුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබු අපේක්ෂකයන්ට ඉමහත් අසාධාරණයක් වන්නේ යැයිද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කී නීතීඥවරු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටිති.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වුයේ පනත් කෙටුම්පතේ තිබු දුර්වලතා මගහැරීම බවත් නව ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී ඔවුන්ගේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවත් කීය.

මෙම පනත් කෙටුම්පත මගින් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා වන බවත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන බවත් කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පනත් කෙටුම්පත මඟින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවත් කී නිර්මලන් විග්නේෂ්වරන් මහතා සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ අනුමැතියෙන් මෙම පනත සම්මත කළ හැකි යැයි කීය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධ තීන්දුව ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කරන බව දැනුම් දුන්නේය.

පෙත්සම්න්කරුවන් වෙනුවෙන් නීතිඥ භූපති කහපිටිය මහතා සමඟ ජනාධිපනීතිඥවරුන් වන විරාජ සිල්වා සහ රහුෆ් හකිම් යන මහත්තුරු පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site