IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ ලොක්කෝ කොළඹට

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල  නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු  අනිද්දා(23) කොළඹට කැඳවනු ලැබ සිටිති.

මෙම රැස්වීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී  අනිද්දා උදේ 10.00 ට  පැවැත්වීමට නියමිතය.

සාකච්ඡාව සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙසේ  කැඳවනු ලැබ ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසිනි.

මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.



අදහස් (1)

පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ ලොක්කෝ කොළඹට

චින්තක Wednesday, 21 December 2022 03:02 PM

මැතිවරණ වෙලාවෙ ප්‍රධානියා වෙන්නෙ දිස්ත්‍රික් මැතිවරණ නිළධාරින් නොවෙයි දිසාපති නැත්නම් දිස්ත්‍රික් ලේකම් වරයාය.මැතිවරණ අවස්ථාවෙ මැතිවරණ තනතුරු දෙන්නෙ දිස්ත්‍රික් ලේකම් තේරීම්භාර නිළධාරි ලෙසත් දිස්ත්‍රික් මැතිවරණ නිළධාරින් අනෙකුත් ආයතන ප්‍රධානීන් හා සියලු මාණ්ඩලික නිළධාරින් සහකාර තේරීම්භාර නිළධාරින් ලෙසිනි ප්‍රතිඵල නිකුත්කිරීමට කටයුතු කරන්නේද දිස්ත්‍රික් ලේකම් විසිනි පළාත් සභා ඇතිවීමට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයද දිසාපති කාර්‍යාලයේ (කච්චේරියේ ) ශාඛා කාර්‍යාලයක් වුනා ඒ කාලයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය ලෙසට තමයි නාම පුවරුවේ තිබුනෙ දැන් නම් එහි සිටින ප්‍රධානියාට තියෙන ප්‍රදර්ශන මානසිකත්වය නිසා ප්‍රධානියා තමන්ගෙ සේවයේ සිටින ශ්‍රේණිය අනුව කාර්‍යාලයේ නාම පුවරුව සකසනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site