(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු අනිද්දා(23) කොළඹට කැඳවනු ලැබ සිටිති.
මෙම රැස්වීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අනිද්දා උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.
සාකච්ඡාව සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙසේ කැඳවනු ලැබ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසිනි.
මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ වෙලාවෙ ප්‍රධානියා වෙන්නෙ දිස්ත්‍රික් මැතිවරණ නිළධාරින් නොවෙයි දිසාපති නැත්නම් දිස්ත්‍රික් ලේකම් වරයාය.මැතිවරණ අවස්ථාවෙ මැතිවරණ තනතුරු දෙන්නෙ දිස්ත්‍රික් ලේකම් තේරීම්භාර නිළධාරි ලෙසත් දිස්ත්‍රික් මැතිවරණ නිළධාරින් අනෙකුත් ආයතන ප්‍රධානීන් හා සියලු මාණ්ඩලික නිළධාරින් සහකාර තේරීම්භාර නිළධාරින් ලෙසිනි ප්‍රතිඵල නිකුත්කිරීමට කටයුතු කරන්නේද දිස්ත්‍රික් ලේකම් විසිනි පළාත් සභා ඇතිවීමට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයද දිසාපති කාර්‍යාලයේ (කච්චේරියේ ) ශාඛා කාර්‍යාලයක් වුනා ඒ කාලයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය ලෙසට තමයි නාම පුවරුවේ තිබුනෙ දැන් නම් එහි සිටින ප්‍රධානියාට තියෙන ප්‍රදර්ශන මානසිකත්වය නිසා ප්‍රධානියා තමන්ගෙ සේවයේ සිටින ශ්‍රේණිය අනුව කාර්‍යාලයේ නාම පුවරුව සකසනවා