
(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට අද (6) උපදෙස් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පවසා ඇත.
මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් හා දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (6) පෙරවරුවේ පැවැත්විණ.
සභාපතිවරයා මෙසේ පවසා ඇත්තේ එම රැස්වීමේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ඉතිහාසයේ කාර්‍යබහුලම සමය. ඔබේ ස්වාධීන අවංක සේවයට අපගේ ස්තූතිය.
ඡන්ද කීයක් තියන්නද? කොච්චර ප්‍රමාණයක් වියදම් කරන්නද? අඩුම ගානේ ජනදිපතිවරණය සහ මහමැතිවරණය එකම දවසේ තියන්න ක්‍රමයක් හදාගන්න බැරිද? පළාත් සභා සහ පළාත් පාලන ඡන්දත් එක දවසකට තියන්න හදන්න බැරිද? අලුත් ආණ්ඩුවට යෝජනා.
මගේ පුද්ගලික මතය නම් ප්‍රාදේශීය සභා අනවශ්‍ය නාස්තියක් කියලයි...