(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන නියෝජිතයන් ලෙස තම පක්‍ෂය මැතිවරණයට සූදානම් බවත්, එජාපයක් අනිත් පක්‍ෂ සමඟ සන්ධානගත වෙමින් ඊට මුහුණ දෙන ලෙස පක්‍ෂ නායකයන්ගෙන් උපදෙස් ලැබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව රට පුරා පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා ලබාදීමට සූදානම් බවත්, නාමයෝජනා මණ්ඩල පත්කර ඒ සඳහා කටයුතු කිරීමේ පක්‍ෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක බවත් ඇමතිවරයා කීවේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළාත් සභා මැතිවරණය කුමක ආකාරයකින් හෝ කල්දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.