( තිළිණි ද සිල්වා )
පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) වන විට එහි ප්‍රධාන සැකකරු ෆර්හාන් ඉද්‍රීස් නම් පුද්ගලයා ඇතුළු 235 දෙනෙකු මේ වනවිට පකිස්ථානයේ සියල්කොට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.
ඊට ආධාර හා අනුබල දුන් තවත් 900 දෙනෙකුට එරෙහිව පකිස්ථාන සියල්කෝට් පොලීසිය මූලික පරීක්ෂණ වාර්තා ගොනු කර ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.
මෙම අමානුෂික ඝාතනය සිදුකළ බවට මේ වනවිට හඳුනාගෙන ඇති ප්‍රධාන සැකකරුවන් වන ෆර්හාන් ඉද්‍රීස් සහ උස්මාන් රෂීඩ් යන අයට එරෙහිව එරට පොලීසිය ත්‍රස්තවාදී විධිවිධාන යටතේ නඩු පවරන බව අද (05) පස්වරුවේ ප්‍රකාශයක් කරමින් පන්ජාබ් ප්‍රාන්ත රජයේ මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර් සඳහන් කළේය
මෙම ප්‍රධාන සැකකරු ෆර්හාන් ඉද්‍රීස් නැමැත්තා ටී.පී.ඒල්.(TPL) නමැති එරට දැඩි මතධාරී දේශපාලන සංවිධානයක සාමාජිකයකු බව අනාවරණ වී තිබේ.
කෙසේ වෙතත් තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි පොලිස් කණ්ඩායම් 10ක් අනුයුක්ත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වගේ නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරයි කියලා ප්‍රාර්ථනා කරමු.
ඉස්ලාමය සාමයේ ආගමයි...
මේ 235ම නිදොස් කොට නිදහස් වුනොත්?
මේ අන්තවාදය මිනිස් මනස විකෘති කරගෙන පැතිර යන්නක්. විචක්ෂණ, බුද්ධියක් නැති ඕනෑම කෙනෙකු ඊට අසුවිය හැකියි. එය ලොවටම හිසරදයක්...
ආගම් ස්වරූපයෙන් එන ත්‍රස්තවාදී ආගම් සහ සංවිධාන තහනම් කරමු.
අපේ සර්ට වැඩි විශ්වාසයක් මට ඉම්රාන් ඛාන් ගැන තිබෙනවා