
(අංජුල මහික වීරරත්න)
පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් අසීස්(Faheem Aziz) මහතා සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී පකිස්ථානු මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින අන්‍යොන්‍ය සම්බන්ධතාවය දීර්ඝකාලයක සිට පැවත එන්නක් බව සිහිපත් කළේය. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරතුරුව ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දෙන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට පකිස්ථානය ඉදිරිපත් වන බව පකිස්ථානු මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.
ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහ කොමසාරිස්වරයා කෘෂිකාර්මික දැනුමෙන් ලාංකික තරුණයින් සවිබල ගැන්වීම සඳහා පකිස්ථානයට ශිෂ්‍යත්ව ලබා දිය හැකි බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා මෙන්ම පකිස්ථාන නියෝජිතයෝ සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්ථාන මහකොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි