
( තිළිණි ද සිල්වා )
පකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පකිස්තාන රජයෙන් ඉල්ලා සිටී.
සියල්කොට්හී වසිරාබාද්හිදී ශ්‍රී ලාංකික වෘත්තිකයකු ඊයේ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ එම නිවේදනයෙක් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයින්ට සේම මනුෂ්‍යත්වය අගයන ලොව සැමට බලවත් කම්පනයක් බවයි.
පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ තමන් මහත් සේ සංවේගයට පත්වූ බව ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ගය අගය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
මීට අදාළව පකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ශ්‍රී ලංකා රජයත් , සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් යුතුව බලා සිටින බව ද අදාළ නිවේදනය මගින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
තව ද සිද්ධිය වාර්තා වූ වහාම තමන් හා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට හා විදේශක ටයුතු අමාත්‍යංශයට ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන්වේ.
තව ද අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතය අහිමිවූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයින් සමග මේ මොහොතේ තමන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාව සිටින බව ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලවුඩ්ස්පීකර් මගින් මහා සද්දෙන් අවට නිවැසියන්ට හිරිහැර වෙන ආකාරයට මහජන පීඩාකාරී ලෙසින් කටයුතු කරන පූජ්‍ය / පූජක පක්ෂයත් ආගමික අන්තවාදීන් තමයි...
මේ මිනීමරු දිනය, ලංකාවේ " අන්තගාමි විරෝධී දිනය " ලෙස රජයෙන් නම් කරන්න. හැමෝම දන්නවා ප්‍රියන්ත අයියාගේ ගතිගුණ. මෙහෙම ගුටිකාලා, වදවිඳලා මැරෙන්න ඕනේ චරිතයක් නොවෙයි. හැමෝටම සුහදව සලකන මනුස්සයෙක්. පේරාදෙණියේ ඉන්ජිනේරු පීඨ සිසුන් පෙරට එන්න..!
පාකිස්තානයෙන් අහවිද දන්නෑ. ලංකාවේ මිනීමරුවන් නිදහස් කරන නිසා. එයාලත් එහෙම කරන්නද කියලා?
කට විතරයි... අඩුම ගානේ පාකිස්තානු තානාපතිවරයා කැඳවා යුක්තිය ඉල්ලීමට තරම්වත් හැකියාවක් නැහැ. කොහෙද ට්විටර් එකට මාධ්‍ය නිවේදන දානවනේ...!!!
අවුරුදු 70 ක් ආපු තට්ටු මාරු දේශපාලනෙන් රට පත්කරලා තියෙන තත්වේ... ලෝකේ බිහිසුණුම රටකට හරි ගිහින් හම්බ කරලා කන තත්වෙට රටේ මිනිස්සු ඇදල දාලා තියෙනවා. ඒකටත් එක්කම දේශපාලනය කරපු හැම කෙනාගේම දරුවන් ඉගෙන ගන්නේ ජීවත් වෙන්නේ යුරෝපේ. අනුර කුමාරගේ දරුවනුත් ඇතුළුව... ආරංචි හැටියට මේ පුද්ගලයා මේ කොම්පැනිය ගොඩ දාන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. එහෙම කරලා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට රැකියාවක් කරගෙන යන්න පුළුවන් තත්වෙකට පත්කරලා තියෙනවා. ඊට ලැබුණු ප්‍රතිඋපකාරය තමයි මේ. මෙම සිදුවීම ඒ පැත්තේ සිදුවුණු පළමු සිදුවීමත් නොවේ... පාකිස්ථානයට ක්‍රිකට් ගහන්නවත් යන්න හිතෙන්න ලංකාවට හිත හැදෙයිද?
පාකිස්තානයේ මෙම සිද්ධියට අදාලව දැනටමත් සියයකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. නමුත් ශ්‍රී ලංකාවේ නම් මෙපමණ ඉක්මනින් එවැන්නක් සිදු වේ යයි බලා පොරොත්තු විය හැකි ද? නමුත් ජාතිවාදයට සහ දේශපාලන වාසි යට කටයුතු කිරීම නම් ඉතා සීග්‍රයෙන් සිදුවිය හැකිය.