පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතාට ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
හිටපු අගමැති නවාස් ෂරීෆ් විසින් මුෂාරෆ් මහතාට එරෙහිව 2013 වසරේදී මෙම නඩුව පවරන ලදී.
1999 වසරේදී හමුදා කුමන්ත්රණයකින් බලයට පත්වූ හිටපු ජනාධිපතිවරයා පාකිස්තානයේ 10 වන ජනපතිවරයා ද විය.
දැනට 76 වන වියේ පසුවන මුෂාරෆ් මහතා, 2016 මාර්තු මාසයේ සිට පාකිස්ථානයෙන් බැහැරව ඩුබායිහි වාසය කරන අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා එහි රැඳී සිටි බව පැවසේ.
පාකිස්තානයේ 9 වන අගමැතිවරයා වූ සුල්ෆිකාර් අලි භූතෝ මහතාවද 1979 අප්‍රේල් 4 වන දින එල්ලා මරන ලදී.
(හින්දුස්ථාන් ටයිම්ස් සහ එන්ඩීටීවී ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ , මෙහෙ ජනපති ආණ්ඩු ක්‍රම වියවස්තව කඩකිරීම ඇතුළු මොන පිස්සු කෙලියත්, මැරෙනකම්ම නිල නිවාස, ආරක්ෂකයෝ, වෙඩි නොවදින වාහන වැනි සියලු දේ ලැබේ. බෙල්ලේ වැල දමාගන්න වෙලා තිබෙන්නේ පුරවැසි අපට.
එහෙ එහෙමයි. මෙහෙ නම් තාක්ෂණික දෝෂයකින් නඩුව ඉවතට.
දැන් අපේ හිටපු ජනාධිපතිතුමාත් බයවෙලා ඇත්තේ.
ඔන්න රටවල්.......... හිටපු ජනපති කියල නෑ වැරදි නං දුන්න ෂොට් එක. ඒකට ලංකාවේ මිනිස්සු මරලා, කුඩු විකුණලා, මහ බැංකුවම කඩලා අහුවුනත් බේරිලා ඉන්න පුළුවන්.
වෙන්න බෑ ? අපේ රටේ හිටපු ජනාධිපතිවරු ඔයවැනි දේ කලෙ නිකං සෙල්ලමට වගේ අපරාදෙ එතුමා මෙහෙනෙ ඉන්න තිබ්බෙ. පැන්සන් ගිහිල්ලත් සියලු පහසුකම් විදිමින් රජෙක් වගෙ ඉන්න තිබුණා.
පාකිස්තානේ එහෙම වුනාට මෙහෙ එහෙම නැහැ. මෙහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසුගිය අවුරුද්දේ ඔක්තෝබර මාසේ උල්ලංඝනය වුනා.ඒක උසාවියෙනුත් ස්ථීර වුනා. දැන් ඒකට සම්බන්ධ එක්කෙනෙක් රටේ අගමැති. අනිත් කෙනා නැවත පාර්ලිමේන්තු එන්න ආසාවෙන් බලන් ඉන්නවා.
අපේ රටේ හිටපු ජනාධිපති උන්නැහෙත් ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරුවා. ආණ්ඩුවට වගේ වගක් තිබුනේ නැහැ. අන්තිමේදී කොළඹින් මාලිගාවකුත් තෑගි කරලා දැන් ආයෙත් පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. මේ වගේ බූරු පාලනයක්...........මේ ඔක්කොම එකතු වෙලා මෝඩ ජනතාව හූරාගෙන බඩ වඩා ගන්නවා.
අපේ ව්‍යවස්ථාව උල්ලංගනය කරපු හිටපු අයට මොකුත් නෑ, කෝටි 80ක ගෙයක් දුන්නා.
රටේ නීතිය මෙලෙස එක විදියට ක්‍රියාත්මක කරන රටක ඉපදීමත් වාසනාවක්
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව"... අම්මෝ මගේ ඇඟ හීතල වෙලා ගියා. පස්සෙයි දැක්කේ ඒ වෙනරටක කියලා. මෙහෙ එහෙම වුනා නම්, අප්පේ, කී දෙනෙක් නම් ඉන්නවද, ආණ්ඩුක්රමය කැඩීමම විනෝදාංශය කරගත්තු?
පර්වේස් මුෂාරෆ්ගේ කාලේ පාකිස්තානයේ ආරක්ෂාව උපරිමයට තිබුනා
මෙතුමා අපගේ මිතුරෙක්. ඉන්දියාව හා අන් රටවල් අහක බලද්දී එල් ටී.ටී.ඊයට එරෙහි සටනේ දී අප හා සිටි අපට අවශ්‍යම වූ මොහොතේදී ආධාර දුන් නායකයෙක් බව අමතක නොකළ යුතුය. අප මේ තීන්දුව ගැන සතුටු විය යුතු නැත. මෙතුමා හට කරදරයක් නොවේවා යයි පතමු.
රාජද්‍රෝහීන්ට මරණ දඬුවම..! රාජද්‍රෝහීන් කියන්නේ කවුරුන්දැයි දන්නා කෙනෙක් කියා දෙන්නකෝ...
ත්රස්තවාදයට එරෙහි යුද්ධයේදී අප රටට එතුමා කළ උපකාර අමතක නොකළ යුතුයි.
වැරදි දෙය වැරදියට දකින්න ඕනි
එහෙම බලද්දී අපේ රටේ ටොප් ලෙවල් එකේ වැජඹෙන දේශපාලකයින්ගෙන් වැඩි පිරිසක් කරන්නේ සමාව දිය නොහැකි වැරැදි... ඒත් කවද්ද අපේ රටේ වැරැදි කරන අයට දඬුවම් දුන්නේ..?