
ආර්ථික අර්බුදයකින් බැට කන පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය.
මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්‍රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්‍රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බව ද පැවැසෙයි.
පාකිස්තානය චන්ද්‍රිකාව නිපදවූයේත්, එය අභ්‍යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙනි. චීනය අභ්‍යවකාශය ජයගත් ආසියානු රටකි. මේ වනවිට චීනය පෘථිවි කක්ෂයේ ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටී. ඉදිරියේ දී සඳ තරණයටත් චීනය සූදානම් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අභ්‍යාවකාශ විශේෂඥ රෝහිත රාජපක්ෂ උත්තමය යැව්ව චන්ද්‍රිකාව දැන් කොහෙද දන්නේ නෑ....රනිල් සර් විදේශ විනිමය හොයන්න ඒකත් ඇමරිකාවට වික්කද?
අපේ චන්ද්‍රිකාව කොහේද දන්නේ නැහැ නේද ගියේ...?
අපේ ලංකාවේ ගගන ගාමියා... ඩොලර් මිලියන තුන්සියයක් වියදම් කරලා උඩ ඇරපු රොකට් එක ගැන දැන් කාටවත් මතක නැහැ.... ඒක හොයා ගන්න බැරි තරමටම උඩට ගියා.. කාටද ආඩම්බර...?
ඕක නම් මොකක්ද? අපිත් එකක් උඩ යැව්වේ. යැව්වත් හරි වෙච්චි දෙයක් නෑ. මේ පාකිස්තාන් චන්ද්‍රිකාවෙන්වත් ඒක හොයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මෙහෙ අපේ චිචීත් එකක් උඩ යැව්වා නේද? දැන් ඒක මැද මුලනේ අහසේ ගිහින් නතර වෙලා වගේ...!