(යොහාන් භාසුර )

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 31 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (31) පැවති තරඟයේදී පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 7කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ.

පාකිස්තානය මෙම ජයග්‍රහණය සමඟ තරග 7 කින් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.

පාකිස්තානය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානය දක්වා පහතට වැටුණි.

බංගලාදේශයට මෙම පරාජයත් සමග පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

බංග්ලාදේශ පිල ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 204

(ලින්ටන් දාස් 45,  මහුමුදුල්ලා  56,   ශකීබ් අල් හසන් 43, මෙහෙදි හසන් මිරාෂ් 25, ශහීන් ෂා අෆ්රිඩි  25/3, හැරිස් රවුෆ් 36/2, මොහොමඩ් වසීම් 31/3)

පාකිස්තාන පිල ඕවර 32.3 කදී කඩුලු 3 ට 205

(අබ්දුල්ලා ශෆික් 68, ෆකාර් සමාන් 81, මොහොමඩ් රිස්වාන් නොදැවී 26, ඉෆ්තිකාර් අහ්මඩ් නොදැවී 17, මෙහෙදි හසන් මිරාෂ් 60/3)