IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක්  එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස් තවත් 57 දෙනකු තුවාල ලැබූ බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මියගිය සිවිල් වැසියන් අතර කාන්තාවන් තිදෙනකු සහ ළමයින් පස් දෙනකු සිටින බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවැසුවේය. දිගින් දිගටම පාකිස්තාන හමුදා ඉන්දියාව වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පාකිස්තායේ ස්ථාන කීපයක තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතීන් ඉලක්ක කරමින් ඉන්දීය හමුදා ප්‍රහාරයක් එල්ල කළ බවද එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්දීය හමුදාවේ ප්‍රහාර පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර සිටියේ පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඉන්දීය ඩ්‍රෝන යානා 25 ක් වෙඩි තබා බිම හෙළු බවත් එය පාකිස්තානය ලැබූ යුද ජයග්‍රහණයක් බවත්ය.

ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවේ සිටින ඉන්දීය හමුදාවටද දැඩි හානි සිදුව ඇති බවත් පාකිස්තාන හමුදාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඉන්දීය හමුදා සෙබළුන් 50 ක් පමණ මියගොස් ඇති බවත් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දියාවේ පෙහෙල්ගාම් ප්‍රදේශයට 26 දෙනකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පාකිස්තාන රජයේ ඇතැම් කොට්ටාශවල අනුග්‍රහය යටතේ එල්ල වූ ප්‍රහාරයක් බවට සාක්ෂි තිබෙන බවට පවසමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පෙරේදා(07) පාකිස්තානයේ ස්ථාන 9 කට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් සින්දූර් මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සමග මේ වනවිට දෙරට අතර යුදමය තත්වයක් හටගෙන ඇත.

 



අදහස් (2)

පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට

ගුණරත්න Friday, 09 May 2025 08:30 AM

මිනීමරු ත්‍රස්තවාදීන්ට ඕන වුනේ මේක, යුද්ධයක් හදන්න, පාකිස්තානය ත්‍රස්තවාදීන්ට ඉන්න දෙන්නේ නැත්නම් ආධාර කරන්නේ නැත්නම් ඔහොම වෙන්නේ නැහැ, ඇප වීඩියෝ දැක්කා පාකිස්තාන හමුදා නායකයෝත් ත්‍රස්තවාදීන්ගේ මළගම් වලට සහභාගී වෙනවා, ඔවුන්ගේ එකම අභිලාෂය කාශ්මීරය අයිතිකර ගැනීමයි...

:       0       4

rohan Friday, 09 May 2025 11:53 PM

පාකිස්තානය ලෝකයට කැළලක් අල්කයිඩා නායකයා පවා සඟවාගෙන සිටියේ ඔවුන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site