පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හිටිහැටියේ අතුරුදන් විය. ‘කේ2’ ගුවන් සේවයට අයත්, බෝයිං 737 වර්ගයේ මෙම ගුවන් යානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගුවන්ගත වී, කරච්චි නුවර බලා පියාසර කරමින් තිබියදී මෙසේ පාකිස්තානයට ඔබ්බෙන් මුහුදට ඉහළින් අතුරුදන් වුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

යානය, මුහුදට කඩා වැටෙන්න ඇතැයි සැක කෙරේ. යානයේ නියමුවන් ද ඇතුළුව කාර්ය මණ්ඩල සාමාජිකයෝ පස් දෙනෙක් සිටියහ. යානය අතුරුදන් වුණු සැණින් එය සොයා මෙහෙයුම් ආරම්භ කළ බව පාකිස්තාන සිවිල් ගුවන්සේවා අධිකාරිය වැඩි දුරටත් පැවැසීය.